Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

DIG නාලක සිල්වා කටහඬ පරික්ෂණයකට රජයේ රස පරික්ෂක වෙත  

Add comments

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කටහඩ පරික්ෂණයක් සදහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත අද (28) පෙරවරුවේ පැමිණියා.   ඔහු මෙසේ පැමිණියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) ලබා දුන් නියෝගයකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා හෙළිකළා. ඔහු චෝදනා එල්ල කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාටයි.

ඒ අනුවයි ඔහුගේ දුරකතනයේ ඇති හඬපට පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව නාලක සිල්වා මහතාට කටහඩ පරික්ෂණයක් සදහා  රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යොමුවන ලෙස අධිකරණය දැනුම් දුන්නා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG