
හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට නියෝග කෙරුණා. මෙම නඩුව ලබන මස 30 වනදා සිට දිනපතා විභාගයට ගැනීමටයි මහාපරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත්කළ පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේ.
ඒ අනුව මෙම නඩුවේ පළමු ,දෙවන,තුන්වන සහ හතරවන සාක්ෂිකරුවන්ට ඔක්තෝම්බර් 30 වනදා අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කෙරුණා. ගාමිණී සෙනරත් මහතා මෙන්ම නඩුවේ සෙසු විත්තිකරුවන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (28) පෙනී සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ , ලසන්ත බණ්ඩාර මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වනවා.
ලිට්රෝ ලංකා ගෑස් සමාගමේන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමෙන් මෙම මුල්‍ය වංචාව සිදු කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. මෙම නඩුවට අදාළ ලේඛන විත්තිපාර්ශ්වයට ලැබී ඇත්ද යන්න විමසීමට නඩුව ඔක්තෝම්බර් 8 වනදා කැදවීමට ද නියෝග කෙරුණා. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ පොදු දේපළ පනත මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ දණ්ඩනීතී සංග්‍රහය යටතේයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5 ක් වෙන් කෙරුණා. ඉන් රුපියල් බිලියන 4ක් නීතී විරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජෙන්සි හොටෙල් ව්‍යාපෘතියට යොදා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂණ සිදුකළා.
Post a Comment