Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ අරමුදල සමඟ නව ගිවිසුමකට අත්සන් තබයි  

Add comments

ශී‍්‍ර ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ක්ෂේත‍්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර දී සිදුවුණා.

ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ‍්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුළින් අපේක්ෂා කරයි. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගිත්වයෙන් ගිවිසුම්වලට අත්සන් තැබීම සිදුවුණා.

එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රුද්‍රිගෝ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG