
ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රථම නිල සඟරාවේ පළමු පිටපත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූවා.
වසර 81ක ජාතික ඔලිම්පික් කමිටු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනුයි ගුඩ් ස්පෝට්ස් සඟරාව එළිදක්වනු ලැබුවේ. කොළඹ දී එළි දැක්වූ මෙම සඟරාව ත්‍රෛයිමාසික සඟරාවක් ලෙස මුද්‍රණය කිරීමට නියමිතයි.
ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ක්‍රීඩා සංගම් 31ක් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment