Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘‘නිල සෙවණ’’ කාර්යාල 13 ක් ජනතා අයිතියට  

Add comments

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අම්බලංගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 13 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණු අතර අද (02 ) දින ද නිල සේවණ කීපයක් ජනතා අයිතියට පත් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව 01 වන දින කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 41 එෆ් දියපිටගල්ලන, 93 සී අඟනකැටිය, 92 බී මණ්ඩකන්ද, 92 ඒ මඩකුඹුර සහ 39 ජේ වල්ඉඟුරුකැටිය ද අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 81 ඒ තිලකපුර සහ 75 ජී දොරල මෙසේ ජනතා අයිතියට පත් කළ නිල සෙවණ කාර්යාල වෙයි.

02 වන දින බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිලගොඩ, වරකපිටිකන්ද, තිලක උදාගම, ඉහළ ලේල්වල, මාබොටුවන සහ ගනේගම උතුර ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි. මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 260 කි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට “නිල සෙවණ” කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG