2011 – 2012 වසරවල සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 19 වන දින යළි විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි චෝදනා වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට පටහැනි ලෙස සම්බන්ධීකරන නිලධාරී තනතුරක් ඇති කර ඒ සදහා ඔහුගේ පුද්ගලික ලේකම්වරයා පත් කිරීමයි. මෙම පත්කිරීමේන් ආණ්ඩුවට පාඩුවක් සිදු කළා යැයි ප්‍රියංකර ජයරත්න මහතාට සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයාට ද චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව අද දින විභාග කෙරුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ. විත්තියේ නීතීඥවරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනා පෙත්සමක් ඉහළ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
Post a Comment