2013 වසරේ ඊජිප්තු දේශපාලන කැරැල්ලට සම්බන්ධ වූ සිය ගණනකට එරට අධිකරණයක් දඩුවම් ලබා දී තිබෙනවා.
පුද්ගලයින් 700 දෙනෙකුට මෙසේ දඩුවම් ලබා දී තිබෙනවා. පුද්ගලයින් හැත්තෑ පස් දෙනෙකුට මරණ දඩුවමත් 47 දෙනෙකුට ජීවිතාන්තය තෙක් සිර දඩුවම්ද ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ. දඩුවම් ලැබූ පුද්ගලයින් අතර මාධ්‍ය වේදීන්ද වනවා. ඔවුන්ට වසර පහක සිර දඩුවම් ලබා දී ඇති බව සදහන්. කැරැල්ල අතරතුර එහි චායාරූප ලබා ගැනීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි. ඊජිප්තු රජය පවසන්නේ උද්ඝෝෂණයට පැමිණි උද්ඝෝෂණකරුවන් ආයුධ සන්නද්ධව පැමිණි බවයි. මෙම උද්ඝෝෂණය මෙහෙයවා ඇත්තේ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර ඇති මුස්ලිම් සහෝදරත්ව සංවිධානයයි.
Post a Comment