Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්ත අගමැති මාස 3 ක් වයස දියණිය සමග මහ සමුළුවට එයි  

Add comments

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩේන් සිය මාස තුනක් වයසැති දියණිය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වී තිබෙනවා. මෙවැනි සිද්ධියක් එක්සත් ජාතීන්ගේ සමුළු ඉතිහාසයේ වාර්ථා වූයේ පළමු  වරටයි. සමුළුව ආරම්භ වීමට පෙර නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සිය දියණිය සමග කාලය ගතකරන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇය එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන අවස්ථාවේ  දියණිය සිය  පියා සමග සිටින ඡායාරූප ද ඒ අතර වනවා. මෙම සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම කථාබහට ලක්ව තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG