
හම්බන්තොට – අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ කටුවැව ප්‍රදේශයේ සැරිසරන වනඅලියෙකු මිනිසුන්ගෙන් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටිනවා. කටුවැව ගම්වාසීන් පවසන්නේ මෙම දරුණු වන අලියා සමහර අවස්ථාවල මිනිසුන් පසුපස ලුහුබදිනු තමන් දැක ඇති බවයි. නිරන්තරයෙන් මේ ප්‍රදේශයේ ගැවසෙන මෙම වන අලියා රක්ෂිතයට මුදා හැරීමට බලධාරීන් කටයුතු නොකරන බව පවසන ගම්වාසීන් වනජීවීන් තමන්ගේ වගකීම පැහැර හරින බව අවධාරණය කරනවා.
Post a Comment