Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ට එරෙහි නඩුව හෙටට කල් තබයි  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි සතොස මූල්‍ය වංචා නඩුව අද යළි කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනුණා. ඒ මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේයි.

සතොස හිටපු සභාපතිවරයාගේ ලේකම්වරියක වූ සදානා නිමාලි විජේවික්‍රම එහිදී දෙවන දිනටත් සාක්‍ෂි ලබා දුන්නා. ලංකා සතොස ආයතනයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත භාණ්ඩ නිකුත් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට බෙදා දීමට නොව වයඹ මැතිවරණ ගිණුමට බව එහිදී සාක්‍ෂිකාරිය කියාසිටියා. පරිගණක පද්ධතියට අනුව මෙම ගනුදෙනුවට අදාළ භාණ්ඩ නිකුත් කර තිබෙන්නේ පළමු විත්තිකරුගේ ඉල්ලීම මත බව ද ඇය සාක්‍ෂි දෙමින් පැවසුවා.

පළමු විත්තිකරු භාණ්ඩ ලබා දෙන ලෙසට ඉල්ලා එවා තිබූ ලියවිල්ලෙහි සඳහන් ඇතැම් කොටස් මකා දමා තිබෙන බව ද ඇය සාක්‍ෂි දෙමින් සඳහන් කර සිටියා. විජේවික්‍රම මහත්මිය පැවසුවේ අත්සන් කර එවා තිබූ සියලු ලියකියවිලි තමා මූල්‍ය අංශයට භාර දුන් බවයි. මේ අනුව සදානා නිමාලි විජේවික්‍රමගේ සාක්‍ෂි විමසීම අවසන් කෙරුණා. නඩුව හෙට දිනය දක්වා කල් තැබුණු අතර එතෙක් සියලු විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන  ලෙසයි විනිසුරුවරිය නියෝග කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG