
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි විභාගයට ගැනුණා. ඇප මත නිදහස් වී සිටින අටවන විත්තිකරු වන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී එවකට යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියා. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දුන් ප්‍රකාශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් කපිල වෛද්‍යරත්න මහතා දොම්පේ බදුවත්තේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශ නිවස්නය ගැන ලබා දී තිබූ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මෙම නඩුව දෙසැම්බර් මස 11 වනදාට කල් තැබුණා.
Post a Comment