Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටහඬ පරීක්ෂණයක් සදහා නාමල් කුමාරට කැඳවීම් නියෝගයක්  

Add comments

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට හෙට උදෑසන කටහඬ පරීක්ෂණයක් සදහා රජයේ රස පරීක්ෂක වෙත යොමුවන ලෙසට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දැනුම් දුන් බව හෙලිකරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදුකළේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකර කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසියට අධිකරණය නියෝග කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG