Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීනි මිල වැඩිකරන්න වෙළෙඳුන්ට අවසර නෑ  

Add comments

සීනි සඳහා අයකළ ආනයනික බද්ද වැඩිවූ පමණින් සීනි මිල වැඩි කිරීම අසාධාරණ බව රජය ප්‍රකාශකර සිටිනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සීනි මිල ඉහළ දැමීමට අවසර ලබානොදෙන බවයි. ලෝක වෙළෙඳපොළේ සීනි සැපයුම වැඩිවීමත් සමඟ එහි මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මීට පෙර සීනි ආනයනයේ දී කිලෝග්‍රෑම් එකකට රුපියල් 75ක් වැය කිරීමට සිදු වුණා. එහෙත් නව මිල ගණන් යටතේ සීනි කිලෝග්‍රෑම් එකක් ආනයනය කිරීමට වැයවන්නේ රුපියල් 55ක් පමණයි. මේ තත්ත්වය යටතේ සීමාවකින් තොරව සීනි ආනයනය කිරීම වළක්වා දේශීය සීනි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ  සීනි කිලෝග්‍රෑම් එකකට රුපියල් 42ක නව බද්දක් පැනවීමෙන්.

පසුගිය කාලයේ දී ලෝක වෙළෙඳපොළේ සීනි මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ යෑම නිසා මේ බද්ද මගින් සීනි ආනයනකරුවන්ට පාඩුවක් සිදුවන්නේ නැහැ. එම කරුණු සලකා බලනවිට කිසිදු ආනයනකරුවෙකුට සීනි මිල වැඩි කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. පුද්ගලික වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමීමට උත්සාහ කළ ද මේ දිනවල ලංකා සතොස පමණක් නොව සුපිරි වෙළෙඳසැල්වල පවා සීනි අලෙවි කරන්නේ පැරණි මිලටමයි.

තත්ත්වය මෙසේ පවතිද්දී ලෝක වෙළෙඳපොලේ මිල ඉහල යාම හේතුවෙන් තෙල් සහ ගෑස් මිල යම් ප්‍රමාණයකට ඉහළ ගොස් තිබෙනවා. ඒ පිළිබඳව විරෝධතා දක්වන පිරිස් සීනි ව්‍යාපාරිකයින්ගේ මාෆියාව පිළිබඳ මුනිවත රැකීම දෙබිඩි දේශපාලන පිළිවෙතක් බව පැහැදිලියි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG