Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 49 ක් ගැඹුරු මුහුදේ අතරමං වී  සිටි ධීවරයෙක් බේරාගනී  

Add comments

දින 49 ක් ගැඹුරු මුහුදේ අතරමං වී  සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බේරාගෙන තිබෙනවා.

19 හැවිරිදි මෙම ධීවරයා ගමන් කළ යාන්ත්‍රික බලයක් නොමැති පහුර දැඩි සුළං පහරකට හසුවී ගුආම් වෙරළතීරයේ සිට ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා. මොහු ඉන්දුනීසියාවේ සුලවාසී දූපතේ ජීවත්වන පුද්ගලයෙක්. අතරමං වී සිටි කාලය තුළ ඔහු ජීවත්ව තිබෙන්නේ මුහුදු ජලය පානය කරමින් ඔහු විසින් අල්ලාගත් මසුන් ආහාරයට ගෙනයි. පැනමාවට අයත් යාත්‍රාවක් ඔහුව බේරාගන්නා විටත් හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG