මහවිලච්චිය, දුනුමඩලාව සහ නොච්චියාගම, අඹගහවැව එල්ලංගා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ලබන විසි එක් වනදා ආරම්භ කෙරෙනවා. එම ව්‍යාපෘතිය තුළින් ගොවිබිම් විශාල ප්‍රමාණයක් අස්වැද්දිය හැකියි. වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීමේ හමුවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර හා රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
Post a Comment