බාධක , අභියෝග හමුවේ වුව ද දැනුම කේන්ද්‍රීය ආර්ථිකය තුළින් ගම හදා රට හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා එක්වුණේ ඉන් පසුවයි. මැතිඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් මීට එක්ව සිටියා. ජනතාවගේ පරමාධිපත්‍ය බේබද්දන්ට භාර දීමට උත්සාහ දරන පිරිසක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙහිදී හෙළි කළා.
Post a Comment