රාජපක්ෂ පාලන සමයේදී නිතී විරෝධිව පවරා දුන් අලින් පස් දෙනෙකු සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී තොරතුරු හෙළි කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද නිත්‍යානුකුල නොවන ලෙස අලියෙකු ලග තබා ගෙන සිටි බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. රාජපක්ෂවරුන් සම්බන්දව දිනපතා හෙළි වන තොරතුරු වලින් පැහැදිලි වන්නේ ඔවුන් රටේ අස්සක් මුල්ලක් නෑරම හොරකම් සිදු කළ ඇති බවටයි. මිනිස් සමාජය පමණක් නොව වනසතුන් පවා රාජපක්ෂවරුන්ගේ බලවියරුව හමුවේ ගොදුරු බවට පත්ව තිබෙනවා. අලි හොරකම් යනු ඔවුන් සිදු කළ මහා හොරකම් වලින් බිදක් පමණයි. දැයට කිරුළ යනු එම හොරකම්වල අංශු මාත්‍රයක්. රටේ වනාන්තර විනාශ කරමින් ඒවායේ ඇති වටිනා සම්පත් කොල්ල කෑමට රාජපක්ෂවරුන්ට දැයට කිරුළ බෙහෙවින් උපකාරි වුනා. ප්‍රදර්ශනයට මුවාවෙමින් හොරකම් කළ අලි ඇතුන් ජනතාවගෙන් වසන් කිරිමට ඔවුන්ට හැකි වුණා.
අද මේ හෙළිවෙමින් තිබෙන්නේ ඔවුන් එදා ආශ්චර්යයේ නිලංකාරයට මුවා කළ හොරකම්වල සැබෑ තොරතුරුයි. යහපාලන ආණ්ඩුව මේ අපරාධකරුවන් ඇල්ලීමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබේ. සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ ඔහු ඇතුළු තුන්දෙනෙක් ව්‍යාජ බලපත්‍ර උපයෝගී කරගෙන අලියෙකු ළග තබා ගැනිමේ සිදුවීමක් හේතුවෙන්. ඔහුට එල්ලවුණු චෝදනාව වනාන්තර වලින් අල්ලා ගත් අලි ඇතුන් තුන්වෙනි පාර්ශවයකට විකුණා දැමීමට කටයුතු කිරිමයි. තුන්වෙනි පාර්ශවය කවුරුන්ද යන්න දැන් හොදින් පැහැදිලි වෙමින් තිබෙයි.
Post a Comment