ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා පාන්තයට බලපා ඇති නියගයත් සමග ලැව් ගිනි ශීඝ්ර යෙන් පැතිරයමින් පවතින බව එරට වාර්තා සදහන් කරනවා.
දින තුනක පමණ සිට පවතින ලැව් ගිනි අක්කර තිස්එක් දහසක භූමි ප්රදේශයක් පුරාපැතිර ගොස් තිබෙනවා. පයින් ශාක සහිත වනාන්තරයකට ලැව් ගිනි පැතිර ගොස් ඇති බව සදහන්. ශාකවල හට ගත් ගිනි මැඩ පැවැත්වීමට ඉතා අසීරු බවයි ගිනි නිවන භටයින් සදහන් කරන්නේ. අවදානම් සහිත ප්රදේශවලින් පුද්ගලයින් දෙදහසක් පමණ ඉවත් කර තිබෙනවා. නමුත් පවතින නියං සහිත වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් අපේක්ෂිත තත්ත්වයට වඩා ලැව් ගිනි වේගයෙන් පැතිර යන බව සදහන්.
Post a Comment