Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සංචාරක දිනය අදයි  

Add comments

ලෝක සංචාරක දිනය අදට යෙදී තිබෙනවා. එය සැමරීම සඳහා දිවයිනේ විවිධ ස්ථානවල වැඩසටහන් කිහිපයක් සංවිධානකර තිබුණා. ගල්කිස්ස වෙරළ තීරයේ දී පිරිසිදු වෙරළක් යන තේමාව යටතේ වැඩසටහනක් පැවැත්වුණා. මෙය සංවිධානකර තිබුණේ මැනේජ්මන්ට් ඇන්ඩ් සයන්ස් ඉන්ස්ටිටියුට් ආයතනය,ගම්පහ සිංහ සමාජය ඇතුළු තවත් ආයතන කිහිපයක් එක්වයි. ප්‍රජාව දැනුවත් කරමින් වෙරළ තීරය පිරිසිදු කිරීම මෙහිදී සිදුකෙරුණු අතර වෙරළාරක්ෂක අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී බී ටී ප්‍රදීප් කුමාර ,මැනේජ්මන්ට් ඇන්ඩ් සයන්ස් ආයතනයේ අධ්‍යක්ෂ සමන්ත පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

හපුතලේ දුම්රිය ස්ථානයේ ද ලෝක සංචාරක දිනය වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණා. එම වැඩසටහනේ කැපී පෙනෙන අංගය වූයේ සංචාරකයන් දුම්රියෙන් බැස හපුතලේ දුම්රිය ස්ථානයට පැමිණෙන විටම තේදළු නෙළන කාන්තාවන් පිරිසක් විසින් පොට්ටු තියා අලංකාර මල්මාල පළඳවා ඔවුන් උණුසුම් ලෙස පිළිගැනීමයි. මෙලෙස උණුසුම් අන්දමින් පිළිගැණුනු සංචාරකයින් හට හපුතලේ තේ කර්මාන්ත ශාලාවල නිපදවන ඉස්තරම්ම වර්ගයේ තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳීමට හැකිවුණා. මෙම වැඩසටහන සංවිධානකර තිබුණේ හපුතලේ සංචාරක හා වෙළෙඳ සංවර්ධන සංගමය සහ හපුතලේ නගර සභාව එක්වයි. මෙම සංචාරක වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට දැක්වූ සහයෝගය වෙනුවෙන් සංවිධායකයන් වෙතින් අයිටීඑන් මාධ්‍ය ජාලයට විශේෂ ස්තූතියක් ද පිරිනැමුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG