Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද යළි ගණන් කරන ලකුණු  

Add comments

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද නැවත ගණන් කිරීමට ඉඩ ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එවැන්නක් සිදුවන්නේ මාලදිවයින් මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවටයි. පසුගිය විසිතුන්වනදා පැවති එරට ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂකයාවූ ඊබ්‍රයිහිම් මොහොමඩ් සොලී ජයග්‍රහණය කළා. ඒ සියයට පනස් අටයි දශම පහක ඡන්ද ප්‍රතිශතයකින්. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂයා වූ ජනාධිපති අබ්දුල් යමීන් ලබාගත්තේ 41.7 ක ප්‍රතිශතයකින්. 1978 සිට 2018 වසර දක්වා වසර 30ක කාලයක් එරට ආඥාදායක පාලනයක් ගෙන ගිය මවුමූන් අබ්දුල් ගයුම්ගේ ඥාති සහෝදරයා මෙසේ මෙම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. ඒ වෙනුවට ජයග්‍රහණය කළේ 2008 සිට 2013 දක්වා එරට ජනාධිපතිවරයා වූ මොහොමඩ් නෂීඩ්ගේ ඥාති සහෝදරයෙක්.

කෙසේ වෙතත් යමීන්ගේ පක්ෂයේ නීති උපදේශක නිහාන් පවසන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත්ය. එහෙත් එරට ආරක්ෂක අංශය සහ පොලිසිය පෙන්වා දෙන්නේ ජනතාවගේ තීරණයට අසාධාරණයක් නොවන්නට තමන් වගබලා ගන්නා බවයි. ජනාධිපතිවරණයේ ප්‍රථිපල නිකුත්වීමෙන් දින දෙකකට පසුව ජනාධිපති අබ්දුල් යමීන් පැවසුවේ ජනතාවගේ තීරණයට තමන් හිස නමන බවයි. එහෙත් ඔහුගේ පක්ෂය වන මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයේ නායක අහමඩ් නිහාන් පැවසුවේ ජනාධිපතිවරණයේ දී සැලසුම් සහගත අක්‍රමිකතා සිදුව ඇති බවයි. එරට විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තම පාලන කාලය දීර්ඝ කිරීමට සූදානම් වන බවයි. මාලදිවයින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ලබන 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG