
අවුන්සාන් සූචී ගේ කැනඩා පුරවැසිභාවය අහෝසි කිරීමට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලැබී තිබෙනවා. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පවසන්නේ සාමය වෙනුවෙන් අවුන්සාන් සූචී විශාල මෙහෙයක් කරතිබූ බැවින් කැනඩාවේ පුරවැසිභාවය ලබාදුන් බවයි. එහෙත් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට මියන්මාර හමුදාවෙන් පීඩා එල්ලවීම සම්බන්ධයෙනුයි කැනඩාව මෙම තීරණය ගෙන තිබෙන්නේ. 1991 අවුන්සාන් සූචී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ පිළිබඳව මේ වනවිට සංවාදයක් පැනනැගී ඇති බවද සදහන්. තවද රෝහින්ග්‍යාවරුන්ට එරෙහි මියන්මාර සමූල ඝාතන පිළිබද සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කමිටුවක් පත්කර ගැනීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා. මෙහිදී රටවල් 47 කින් රටවල් 35ක් ඊට පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා. චීනය, පිලිපීනය සහ බුරුන්ඩි දේශය මේ සදහා විරුද්ධත්වය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment