පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිද කුල්සූම් නවාස් අභාවප්රාප්ත වී තිබෙනවා.
ඇය ලන්ඩනයේ පිහිටි රෝහලකදීයි අභාවප්රාප්ත වී ඇත්තේ. කුල්සූම් නවාස් මියයන විට 68 වන වියෙහි පසුවුණා. ඇය 2017 වසරේ සිට පිළිකා රෝගය හේතුවෙන් ප්රතිකාර ලබමින් සිටි ඇයට පසුගිය ජුනි මාසයේ දී හෘදයාබාධයක් ද ඇතිවී තිබුණා. 2017 වසරේ දී පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්රීවරියක ලෙස ඇය කටයුතු කර තිබෙනවා. ඇයගේ සැමියා සහ දියණිය පසුගියදා අධිකරණ නියෝගයක් හේතුවෙන් පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.
Post a Comment