ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය ඉදිරි පැය කිහිපය තුළ ඇමරිකාවට ලඟාවනු ඇති බව කාලගුණ බලධාරින් ප‍්‍රකාශ කළා. වර්ජිනියා, වොෂින්ටන්, උතුරු සහ දකුණු කැරොලිනා ප‍්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. සුළඟේ වේඟය පැයට කිලෝ මීටර 215ක්. වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරිමට රජය පියවර ගත්තා. ලක්ෂ දහයකට වැඩි පිරිසක් මේ වනවිට වෙනත් ස්ථානවලට පිටත්ව ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අධික වර්ෂාව සමඟ මුහුදු රළ ඉහළයනු ඇති බවටයි මත පළව තිබෙන්නේ. වසර ගණනාවකට පසුව ඇමරිකාව බලපාන ප‍්‍රභලම චණ්ඩ මාරුතය මෙය බවයි කාලගුණ බලධාරින් පවසන්නේ.
Post a Comment