සතොස හරහා දේශීය අර්තාපල් අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.
දේශීය අර්තාපල් ගොවියා රැකගැනීමේ අරමුණින් අර්තාපල් මිල ස්ථාවරව පවත්වා ගනිමින් සතොස හරහා අර්තාපල් අස්වනු මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා. ඒ අනුව වැලිමඩ , බොරලන්ද, කැප්පෙටිපොළ සහ ඌවපරණගම ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී ගොවීන්ගෙන් සෘජුවම අර්තාපල් මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එක් ගොවිජන සේවාබල ප්‍රදේශයකින් දිනකට අර්තාපල් කිලෝ පන්දහසක් මිලදී ගැනීමට නියමිතයි. අර්තාපල් සදහා රුපියල් 80ක සහතික මිලක් මීට පෙර පනවා තිබුණද පවතින ආර්ථික තත්ත්වයන් සළකා බලා රජය උපදෙස් පරිදි අර්තාපල් කිලෝවක් රුපියල් අනූවක තොග මිලකට මිලදී ගැනීමට සතොස පියවර ගෙන තිබෙනවා.
Post a Comment