Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයඹදිග සිරියාවේ 30000 කට වැඩි පිරිසක් ප්‍රදේශවලින් ඉවත්වෙයි  

Add comments

සිරියා රජයේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් වයඹදිග සිරියාවේ තිස්දහසකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපයේ දී එම ප්‍රදේශවලින් ඉවත්වගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ගුවනින් මෙන්ම ගොඩබිමෙන් එල්ල කළ ප්‍රහාර හමුවේ ඉඩ්ලිබ් නගරයේ විශාල පිරිසක් මෙලෙස තම ගම්මාන   හැරගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළේ සිරියා ජනාධිපති බසාර් අල් අසාද් සිරියාවේ අවසාන බලකොටුව අත්පත්කර ගැනීමට දැවැන්ත සැලසුමක් සිදුකරන බවයි. එම ගැටුම් හේතුවෙන් 21 වන සියවසයේ දී සිදුවිය හැකි අමානුෂීය ව්‍යවසනය මෙය බවට අනතුරු ඇඟවෙනවා. ඉඩ්ලිබ් පළාත ඇතුළු ඒ ආසන්න පළාත් කිහිපයක මිලියන දෙකයි දශම නවයක ජනතාවක් ජීවත් වෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG