
දුම්රිය මැදිරි දෙකක් ගිනි ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පොලීසිය ද ඒ සදහා වෙනම පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
අලුත්වැඩියා කටයුතු සදහා දුම්රිය අංගනයට යොමුකළ මැදිරි දෙකක් ගිනි ගැනීමට ලක්වුණා. පෞද්ගලික ආයතනයක් මැදිරි අලුත්වැඩියා කිරිමේ කටයුතු භාරව සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. අලුත්වැඩියා කටයුතු අතරතුරදී ගිනි ගැනීම හටගෙන ඇති බවට මුලික පරීක්ෂණ වලින් හෙලිව තිබෙනවා.
Post a Comment