
වාතය, හිරු එළිය, ජලය වගේම නිවැරදි තොරතුරු ලබා දීම සහ ලබා ගැනීමත් ජනජීවිතයට ඉතා වැදගත් කාරණයක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමාගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අද (28) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති සම්මන්ත්‍රණයට එක් වෙමිණි.ජාත්‍යන්තර සම්මන්ත්‍රණය උදෑසන කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ආරම්භ විය.
ලංකාවේ තොරතුරු පනත පිළිබඳව ඉල්ලීම මුලින්ම ආවේ උගත්,බුද්ධිමත්, විද්වත් පරපුරෙන්. ක්‍රම ක්‍රමයෙන් මෙය මහජන හඩක් බවට පත් වුණා. 2001 රනිල් වික්‍රමසිංහ රජය මගින් මෙම පනත ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් එය අසාර්ථක වුණා. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සමාජ බොහොමයක් මේ වෙනුවෙන් විශාල හඩක් නැගුවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි, වත්මන් රජයට මේ තොරතුරු පනත ගේන්න හැකි වුණේ.දේශපාලන වශයෙන් පමණක් නොව අල්ලස ,දූෂණය නැති කරන්නත් මෙම පනත ප්‍රයෝජනවත්.
ගමේ සිටින පිරිස් පවා අද මේ තොරතුරු පනත ගැන විශාල උනන්දුවක් දක්වනවා. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වශයෙන් අපි සෑම විටම මෙය අගය කරනවා. මේ ක්‍රියාදාමය දෙස අපි හැම විටම විමසිල්ලෙන් බලා සිටිනවා. පුවත්පතේ විශේෂ කළාපයක් සහ විශ්ව විද්‍යාල ළමුන් විසින් සිදු කරන තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ පර්යේෂණ ඇතුළත් කෘතියක් මුදල් අමාත්‍යතුමන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.
මෙහිදී තොරතුරු දිනයට සමගාමීව පැවැති සමස්ත ලංකා විවාද තරඟයෙන් ජයග්‍රහණය කළ යාපනය හින්දු විද්‍යාලය, ගිරිඋල්ල,කැකුණගොල්ල විද්‍යාලයේ සිසු සිසුවියන්ට සම්මාන ප්‍රදානය කිරීමද කතානායකවරයා අතින් සිදු විය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග ඇතුළු මැති ඇමතිවරුන් , තොරතුරු නිලධාරින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක තොරතුරු දැනගැනීමේ සතියේ අවසන් දිනය (28) අදයි.
Post a Comment