
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ගොනුකළ අභියාචන පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 19 වනදාට කල්තැබුණා. උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙහි අඛණ්ඩව කටයුතු කිරීම බලාත්මක කරමින් ලබාදුන් අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමිනුයි විග්නේෂ්වරන් මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණේ. එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන්නේ බී ඩෙනීෂ්වරන් මහතා සහ නීතිපතිවරයායි.
Post a Comment