Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැතිගෙන් ඉරානයට චෝදනා  

Add comments

ඉරානය රහසිගත පරමාණුක ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව සිදුකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදීයි. බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරික්ෂකවරුන්ට ආරාධනා කරමින් කියා සිටියේ ඒ ගැන පරික්ෂණයක් සිදු කරන ලෙසයි. 2015 දී ඉරානය න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කිරීමත් සමග ඉරාන බලධාරීන් න්‍යෂ්ටික උපකරණ විශාල ප්‍රමාණයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ගබඩා කර තිබෙන බවයි නෙතන්යාහු පවසන්නේ. තවද අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය හා බුද්ධි අංශ සමග මෙම තොරතුරු හුවමාරු කරගත් බවද ඔහු සදහන් කළා. මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG