මුතුරාජවෙල ඛණිජ තෙල් අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදු වූ කාන්දුව යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා. නාවික හමුදාවේ මැදිහත් විමෙන් මුහුදට කාන්දු වූ තෙල් ඉවත් කිරීමද මේ වන විට සිදු කෙරෙනවා.
ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර – සාමාන්‍යාධිකාරී – සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය,
මුතුරාජවෙල බෝයාවේ සිට මුතුරාජවෙල පර්යන්තයට තෙල් රැගෙන යන නලයේ කාන්දුවක් සිදු වී ඇත්තේ වත්තල, උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේදීයි. වෙරළේ සිට කිලෝමීටර පහක් පමණ මුහුදු ප්‍රදේශයෙදී නලයේ කාන්දුව සිදුව තිබෙනවා. මුහුදු ජලයට එක්වූ තෙල් තට්ටුව ඉවත් කිරීමද මේ වන විට සිදු කෙරෙනවා. නාවික හමුදාව, යුද හමුදාව, වෙරළආරක්ෂක බලකාය සහ ස්වෙච්ඡා සංවිධාන ඊට එක්ව සිටිනවා. ජපන් රජය මගින් සමුද්‍රිය ආරක්ෂාව සදහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කළ සමාරක්ෂා සහ සමුද්‍රරක්ෂා නෞකාද මෙම කාර්ය සදහා යෙදවා තිබෙනවා. කාන්දුවට ලක් වූ නලය ප්‍රතිසංස්කරණය කිරීමද ආරම්භ වී ඇති බව ඛණිජ තෙල් සංස්ථාව සදහන් කළා. ඊට අවශ්‍ය කිමිදුම්කරුවන් සහ තාක්ෂණික සහාය ලබාගෙන තිබෙනවා. සිදු විය හැකි පරිසර හානිය අවම කර ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
Post a Comment