
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබද මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින් මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසාදය පිරිනැමුවා. ඒ මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඕනෑම් අවස්ථාවක ශ්‍රී ලංකාව ඒ මහතා සාදරයෙන් පිළිගන්නා බවයි.
මාලදිවයින් මැතිවරණයෙන් ජයග්‍රහණ කළ ඊබ්‍රහිම් මොහොමඩ් සෝළි මහතාට ද අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් ඇමතා සුභපැතුම් එක් කළා. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.
මාලදිවයිනේ දේශපාලන තත්ත්වය හා කලාපීය දේශපාලන කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් මාලදිවයිනේ සිදු කර ඇති ආයෝජනද අග්‍රාමාත්‍යවරයා අගය කළා. මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බවයි නෂීඩ් මහතා පෙන්වා දුන්නේ.
මාලදිවයින් නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට එක්වන ලෙසද ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළා.
.
Post a Comment