Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් ගැන කිසිදු දිනෙක අසා නෑ – මනෝජ් ද වාස්  

Add comments

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව  කියන අක්‍රමිකතා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම අද පෙරවරුවේ රැස්වුණා.

අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යුරෝපය හා ඇමරිකානු කලාපීය ප්‍රධානී මනෝජ් ද වාස් ගුනවර්ධන මහතායි. 2010 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය පුළුල් කිරීම හා නවීකරණය කිරීමට අදාළ යෝජනාවක් සම්බන්ධයෙන් තමාව දැනුවත් කර නොතිබූ බව ගුණවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියා.

ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් සමඟ අදාළ ලිපි හුවමාරුව සිදු වී තිබූ අතර එවකට ප්‍රධාන විධායක නිළධාරියා ලෙස තමාට එම ලිපිගොනුවල පිටපතක් හෝ යොමු කර නොතිබූ බව ඔහු පැවසුවා. සාමාන්‍යයෙන් සමාගමේ විධායක මට්ටමේ තීන්දු සම්බන්ධව වගකීම තිබෙන්නේ ප්‍රධාන විධායක නිලධාරියාටයි. මේ නිසා අදාළ ලිපිගොනු එම නිලධාරියාව දැනුවත් කළ යුතු වෙනවා.

ඇමරේෂන් කෝපරේෂන් සමාගම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ  මෙම ලිපි හුවමාරුව සිදු වී ඇත්තේ 2010 වසරේ ජනවාරි 07‍‍, පෙබරවාරි 15 හා 17 යන දිනවලදීයි. නමුත් තමා එම ලිපි දුටුවේ 2010 වසරේ ජූනි හෝ ජූලි මාසවලදී බවද ගුණවර්ධන මහතා පැවසුවා. අදාළ සමාගම මෙම ලිපිගනුදෙනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, හිටපු රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල් බී.එම්.එස්. බටගොඩ සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් රංජිත් ද සිල්වා යන අය සමඟ සිදු කර ඇති බව ගුණවර්ධන මහතා පැවසුවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දශක දෙකකට අධික තමාගේ සේවා කාලය තුළ ඇමරේෂන් කෝපරේෂන් නම් සමාගමක් පිළිබඳව තමා කිසිදු දිනෙක අසා නොතිබූ බවද ගුණවර්ධන මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තවදුරටත් කියා සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG