Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ආරම්භ කිරිමට වැඩපිළිවෙළක්  

Add comments

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබෙනවාඑම ඒකකය පිහිටුවිම පිළිබද යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයිජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මක වනවා.
 වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා
පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණයබහු සාධක රෝගමානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්තැලසිමියාවහිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවාතව ද අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වනවා.
මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයිවර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර තිබෙනවාඑම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම් වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සදහා රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇතජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරයිඑම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතයිමේ අතර ජාන තාක්ෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරිම සහ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබදව වෛද්‍යවරුන් පුහුණු කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වුණා
ඒ ඇමරිකාවේ හූස්ටන් වල වෙසෙන ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබද ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සමඟිනිඑහිදී ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරිම සදහා සියලුම සහයෝගය ලබාදීමට ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG