Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේ  

Add comments

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

 

කෘසිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ වන අපි වවලයි – අපි කන්නේ යටතේ කෘෂිකාර්මික වගා කළාප ඒ ඒ ප්‍ර ‍දේශවල වගා කෙරෙන බෝගවර්ග හඳුනාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබා දී වගා කිරීම සඳහා මෙම කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීම අරමුණයි.

 

ඒ අනුව කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කළාපය වන්නේ අඹ වගා සංවර්ධන කළාපයයි. මෙම අඹ වගා කළාපයට ඇතුළත් වන්නේ යාපනය හා දඹුල්ල ප්‍රදේශයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය WB assist Agricultural Modernization Project යටතේ මෙම අඹ වගා සංවර්ධන කළාපය ස්ථාපිත කෙරෙන අතර ඒ යටතේ ටොම් ඇන්ඩ් ජේ. සී Tom&JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක් වගා කෙරෙනවා.

 

Tom&JC අඹ ප්‍රභේදය දිවයිනේ වියළි හා තෙත් කළාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි අඹ ප්‍රභේදයකි. එමෙන්ම වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොලේ ද ඉහළ ඉල්ලුමක් පවතී. එමනිසා අපනයනය ඉළක්ක කර ගනිමින් මෙම අඹ වගාව සිදු කෙරෙන අතර එමගින් ගොවි ජනතාවට තම ජීවනෝපාය සංවර්ධනය සඳහා අමතර විශාල ආදායමක් උපයා ගැනීමට ද හැකියාව පවතිනවා.

පළමු අදියර තුළ දඹුල්ලේ වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය 12,500කි.

දඹුල්ල හා යාපනයේ ස්ථාපිත කෙරෙන මෙම අඹ වගා සංවර්ධන කලාපය මෙම මස 28 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් දඹුල්ලේ දී ආරම්භ කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG