
සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවාවන්වල නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහාද යතුරු පැදි ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ.
මේ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් දෙදහස් හයසිය අසූ හය දෙනෙකුට යතුරුපැදි ලබාදීමට නියමිතයි. මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඒ අතර වනවා. මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන්, කීට විද්‍යා නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සදහාද යතුරු පැදි ලබාදීමට නියමිතයි. එසේම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සදහාද යතුරු පැදි ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන අටසිය හැට පහකට අධික බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.
Post a Comment