
දකුණු ආසියා කාලගුණ සමුළුව කොළඹ දී ආරම්භ කෙරුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එන් ඒ සිසිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි සමුළුව ආරම්භ කෙරුණේ. ඊසාන දිග මෝසම හේතුවෙන් ඉදිරියේ දී කලාපයට ඇතිවන වර්ෂාව පිළිබදව දත්ත රැස්කිරීම මෙවර සමුළුවේ අරමුණයි. කෘෂිකර්මාන්තයට හා කලාපයට ඇතිවිය හැකි කාලගුණ බලපෑම් පිළිබද පුර්ව නිගමන සදහා එම කරුණු වැදගත්වන බව මෙහිදී පෙන්වා දුන්නා. සමුළුව හෙට දිනයේ ද පැවැත්වෙනවා.
කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් – අධ්‍යක්ෂ ජනරාල් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
Post a Comment