
දේශප්‍රේමීත්වය යනු රටට සහ පුරවැසියන්ට ආදරය කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර බලංගොඩ අල්දොර ප්‍රදේශයේ ඉදිකළ ශ්‍රී නාරද නාහිමිගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
ශ්‍රී නාරද නාහිමිගම ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාස ලාභීන් 26 දෙනෙකුට නිවාස හිමිකම ලබාදීම සහ රුපියල් ලක්ෂ 91 ක් වටිනා සංවර්ධිත බිම්කොටස් 26 ක හිමිකම් පත්‍රද ප්‍රදානය කෙරුණා. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 252 කට රුපියල් ලක්ෂ 269 ක් වටිනා විසිරි නිවාස ණය, පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා සොඳුරු පියස නිවාස ණය, වෘත්තීය අභ්‍යාස ලාභීන් 25 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් වෘත්තීය උපකරණ කට්ටල සහ රුපියල් ලක්ෂ 52 ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 84 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍ය තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වුණා.
Post a Comment