ආසියානු රටවල් සංවර්ධන ව්‍යාපෘති සදහා පුද්ගලික ආයෝජන කෙරෙහිද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සැසියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ලෝක ආර්ථික සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ පුද්ගලික අංශයේ ධනය එක්රැස් කර ගැනීම යන තේමාවෙන් යුතුවයි. රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල් ව්‍යාපෘති සදහා පුද්ගලික අංශය දිරිමත් කිරීමට නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකාවේ හදුන්වාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. සැසියේ ආරම්භක දේශනය පැවැත් වූ ලෝක ආර්ථික සමුළු කළමනාකරණ මණ්ඩලයේ සභාපති බෝර්ග් බ්‍රෙන්ඩේ මහතා පැවසුවේ ඉදිරි වසර පහළොව තුළ ආසියාවේ සංවර්ධනයට රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. පුද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීමට සැලසුම් කඩිනමින් සකස් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළා. පුද්ගලික මූල්‍ය ධනය සංවර්ධන කාර්යයට යෙදවීමේදී මුහුණදීමට සිදුවන අභියෝග පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
Post a Comment