Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයි.කේ මහානාමට සහ පී දිසානායකට ඇප  

Add comments

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු  සභාපති පී දිසානායක යන අය ඇප මත මුදා හැරුණා.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරාදීමට අනුමැතිය ලබාදීම සදහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබා ගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. සැකකරුවන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණා. සැකකරු රිමාන්ඩ් බාරයට පත් කිරීම සදහා අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති සහතිකයේ නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව පවසමිනුයි ඔවුන් ඇප මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙහි වැඩිදුර පරීක්ෂණ දෙසැම්බර් මස 11 වනදාට කල් තැබුනා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG