
චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෂෙන් ෂෙන්ග් සහ ඇමරිකා තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් බීජිං නුවරදි පැවැත්වුණා. රුසියාවෙන් ආයුධ මිළදි ගැනීමේ තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකරන බලපෑම් හෙළාදකින බවයි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එහිදි සදහන් කළේ.
චීනය , රුසියාවෙන් ප‍්‍රහාරක ගුවන් යානා සහ මිසයිල පද්ධති මිළදී ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සදහා කටයුතු කරන චීන නියෝජිත ආයතනය අසාදු ලේඛනගත කිරිමට ඇමරිකාව කටයුතු කළා. මෙම කි‍්‍රයාවලියට ඇමරිකාව සිදුකරන මැදිහත්වීම අනුමත නොකරන බවයි චීන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සදහන් කළේ.
Post a Comment