රුපියල් ලක්ෂ 52 ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 3 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් හෙට(12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ.
මෙම නඩුව දිනපතා විභාග කෙරෙනවා. ඒ අනුව එය යළි හෙට (12) විභාගයට ගැනීමට නියමිතයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු සැකකරුවන් කුරුණෑගල මහාධිකරණයට අද (11) යළි ඉදිරිපත් කෙරුණා. එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මහාධිකරණ භූමියට ඇතුලුවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අදහස් දැක්වූවා.
මේ අතර මෙම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ ප්රතිශෝධන පෙත්සමක් ද ගොනුකර තිබෙනවා. එම පෙත්සම හෙට (12) දින සලකා බැලීමට නියමිතයි.
Post a Comment