Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහවැලියෙන් පානීය ජලය ලබාගැනීමට සැලසුම්  

Add comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මහවැලි ජලය ලබාගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

අනුරාධපුර නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට පානීය ජල අවශ්‍යතා සදහා ජලය බෙදාහරින්නේ නුවර වැව සහ කලාවැව මගිනුයි. පවතින නියගය හේතුවෙන් එම වැව්වල ජල මට්ටටම සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා. අනුරාධපුර නගරයට පානීය ජලය බෙදා හැරීමට එම තත්ත්තවය හේතුවෙන් නොහැකි වී තිබෙනවා. ඒ අනුව අනුරාධපුර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කළ ඉල්ලීමකට අනුවයි මහවැලි ජල පාලක ලේකම් කාර්යාලය මෙසේ ජලය මුදා හැරීමට පියවර ගෙන ඇත්තේ.

අනුරාධපුර නගරයට පානීය ජලය බෙදා හැරීම සදහා නුවර වැවේ ජල මට්ටම අඩි අටක අවම මට්ටමක් පැවතිය යුතුයි. එහෙත් මේ වන විට එහි ජල මට්ටම පවතින්නේ අඩි 6ක තරම් අඩු මට්ටමක වීම මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG