Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිට සාර්ක් මහලේකම්වරයාගෙන් උණුසුම් පිළිගැනීමක්  

Add comments

නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සාර්ක් මහලේකම් Amjad Hussain B. Sial මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාර්ක් මහලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

සාර්ක් මහලේකම් කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා මහලේකම්වරයා විසින් ඉතා ගෞරවයෙන් සහ සුහදශිලීව පිළිගනු ලැබීය.අනතුරුව ජනාධිපතිතුමා සහ සාර්ක් මහලේකම්වරයා සුහද කතාබහකට එක් වූහ.

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල් කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය වන සාර්ක් සංවිධානය තුළ ශ්‍රී ලංකාව ප්‍රබල රාජ්‍යයක් ලෙස තමා හඳුනාගෙන ඇති බව මෙහිදී සඳහන් කළ සාර්ක් මහලේකම්වරයා සාර්ක් සංවිධානයේ අරමුණු මුදුන්පත් කරවා ගැනීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ලබාදෙන සහයෝගය ද ඇගැයීමට ලක් කරමින් ඒ පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

සාර්ක් කලාපීය රටවල් අතර සහයෝගය සහ බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ය. එමෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළේ සාර්ක් සංවිධානය කෙරෙහි තමන් තුළ ඇති ගෞරවය හේතුවෙන් අද මෙම අවස්ථාවට සහභාගී වූ බවත්, සාර්ක් සංවිධානයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් සෑම අවස්ථාවකම තම උපරිම සහය ලබාදෙන බවත් ය.

අනතුරුව ජනාධිපතිතුමා, සාර්ක් මහලේකම්වරයා ප්‍රමුඛ එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.සාර්ක් මහලේකම් කාර්යාලයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ ජනාධිපතිතුමා කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

සාර්ක් මහලේකම් කාර්යාලය වෙත ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG