කිරිපැකට් කතාවක් ගොතමින් ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ සැලසුම් සහගත කුමන්ත්රණයක නිරත වන බව මැති ඇමතිවරුන් පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පළ කළා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව මිරිහාන පොලිස් ස්ථානයට ගිය මැතිඇමතිවරුන් කිරිපැකට් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අද පැවති මාධ්‍ය හමුවකදී ද අවධාරණය කළේ ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවේ අසාර්ථකත්වය වසා ගැනීමට කිරිපැකට්ටුවක් යොදා ගැනීමට ඔවුන් උත්සාහ දරන බවයි.
පා.ම. සුනිල් හඳුන්නෙත්ති,
ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්වය වසා ගැනීමට කුමන හෝ කරුණක් යොදා ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබෙනවා. රාජපක්ෂලාගේ ජන බලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවෙන් වසා ගැනීම ලැජ්ජා සහගත බොහෝ දෙනා පවසන්නේ.
Post a Comment