කොළඹ වරාය ලොව වර්ධන අනුපාත අතුරින් ප්රමුඛයා බවට පත්ව තිබෙනවා. බහලු මෙහෙයුම් වරායන් අතර මෙතෙක් ප්රමුඛස්ථානයේ සිටි සිංගප්පූරු වරාය දෙවන ස්ථානයට පත් කරමින් කොළඹ වරාය මෙම ජයග්රහණය හිමිකර ගැනීම විශේෂත්වයක්.
ඇල්ෆාලයිනර් වාර්තාවලට අනුව කොළඹ වරාය මෙම වසරේ පළමු අර්ධය තුළ ලොව ප්රධාන බහලු මෙහෙයුම් වරායන් 30 අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එම අර්ධයේදී කොළඹ වරාය සිදු කළ බහලු මෙහෙයුම්වලින් සියයට 15 .6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි එම වාර්තාව සඳහන් කරන්නේ. පසුගිය වසරට සාපේක්ෂව එය සුවිශේෂී වර්ධනයක්. ප්රධාන යුරෝපීය වරායන් , ඩුබායි හා ආසියා වරායන් අතරින් මෙම විශිෂ්ටත්වයට පත්වීම කොළඹ වරාය ලැබූ ජයග්රහණයක්. බහලු මෙහෙයුම් වරායන් අතර මෙතෙක් ප්රමුඛස්ථානයේ සිටියේ සිංගප්පූරු වරායයි. මෙම වාර්තාවලට අනුව එම වරායට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. 3 වන ස්ථානයට පත්ව සිටින්නේ චීනයේ ගොන්ෂු වරායයි.
Post a Comment