Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂයේ සභාපතිධූරය මහින්දට යළි දෙන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරුණා. කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ.

මෙම නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා. එය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමකුයි අද දින සිවිල් අභියාචනා මහාධිකරණයේදී නිෂ්ප්‍රභ කෙරුනේ. ඒ මුලින් දී තිබූ තීන්දුව පිළිගනිමින්. පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නැති බවත් කරුණු වරදවා වටහා ගෙන නඩුව ගොනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා මූලික විරෝධතා ගොනු කරමින් සදහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා ජනාධිපතිවරයායි. ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මුක්තියක් හිමිව ඇති බැවින් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට තවදුරටත් කරුණු දක්වා තිබුණා. එසේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විත්ති පාර්ශ්වයක් ලෙසට නම් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ද මූලික විරෝධතාවල සදහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සොහොයුරා වන සුනන්ද දේශප්‍රිය මහතාගේ නම දෝෂ සහිත ලෙසට විත්තිකරුවෙකු ලෙස යොදා ඇති බව ද මූලික විරෝධතාවලින් පෙන්වා දුන්නා. නඩුව ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයින් දෙදෙනෙකුයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG