Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලසන්ත ඝාතන නඩුව ලබන වසරට කල් යයි  

Add comments

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ  නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී  විභාගයට ගැනුණා. යුද හමුදා හිටපු බුද්ධි අංශ නිලධාරී ප්‍රේමානන්ද උදලාගම, හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන විත්තිකරුවන් අධිකරණයේ අද (27) පෙනී සිටියා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව  පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ පළමු බිරිදගෙන් , සහෝදරයාගෙන්, දියණියගෙන්,  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ලබා ගත් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළා. නඩුව නැවත විභාගයට ගැනීම ලබන වසරේ ජනවාරි 17 වනදිනට කල් තැබුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG