
ජපානයට නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම් එල්ල වී තිබෙනවා. ට්‍රැමී ලෙස හදුන්වන මෙම චණ්ඩ මාරුතය පස්වන කාණ්ඩයට අයත් එකක් බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. ඉදිරි දින කිහිපයේදී චණ්ඩ මාරුතය ජපානයෙන් හෝ තායිවානයෙන් ඇතුළු විය හැකි බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර් 140ක වේගයෙන් සුළං හමා යන බවද සදහන්. සුළි කුණාටුව මේ වන විට 04 වන කාණ්ඩයට අයත් වන අතර එය දිවයිනකට ඇතුළු වීමේදී පස්වන කාණ්ඩයට අයත් සුළිකුණාටුවක් බවට පත්වන බවට කාලගුණ අංශ සදහන් කරනවා.
Post a Comment