
ඉන්දියාවේ දිල්ලි ප‍්‍රදේශයේ ඉදිකර තිබූ තුන්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි දිල්ලි ගිනිනිවන ආයතනය ප‍්‍රකාශ කළේ. සුළු තුවාල ලැබු තවත් 25 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සුන්බුන් අතර සිරවී ඇති පුද්ගලයන් බේරාගැනීම වෙනුවෙන් තවමත් මෙහෙයුම් ක‍්‍රියාත්මක වනවා. පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම පැරණි ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවටයි සැකකරන්නේ.
Post a Comment