
ඩොලරයේ අගය ඉහළ යාමෙන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පැන යන්නේ නැතිව ඊට සාර්ථකව මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
නාරවිල ශ්‍රී ගුණරත්න මහා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිසු දරුදැරියන් මහත් හරසරින් පිළිගත්තා. විද්‍යාලයේ ඉදිකෙරුණු සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. විද්‍යාලයීය දරුදැරියන්ගේ දක්ෂතා දැකබලා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. ගමත් නගරයත් එක්කර මෙම ප්‍රදේශය දියුණු කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
නාත්තන්ඩිය මාරවිල ලුර්දු මහා විද්‍යාලයේ ඉදිකෙරුණ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. වත්මන් රජය ගෝලීය ආර්ථික අර්බුද හමුවේ පැනයන්නේ නැති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
නාත්තන්නඩිය වලහපිටිය මහා විද්‍යාලයට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ඉදිකෙරුණු සම්පත් මධ්‍යස්ථානය ද විවෘත කළා. විද්‍යාලයේ දූදැරියන්ගේ කුසලතා දැකබලා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. දරුදැරියන්ට දීප්තිමත් අනාගතයක් උදාකිරීමට වත්මන් රජය කැපවන බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.
Post a Comment